හමුදාව සහ පොලිසිය යොදා ගනිමින් රාගම, කඳාන සහ වත්තල යන ප්‍රදේශවල ඊයේ(04) රාත්‍රී විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.
එහිදී සියලුම මාර්ගයන්හි ගමන් ගත් රථ වාහන සහ පුද්ගලයින් පරීක්ෂාවට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඊයේ(04) රාත්‍රීයේ මෙලෙස හදිසි සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබෙනවා.
සෝදිසි මෙහෙයුම සඳහා යුද හමුදාව, නාවික හමුදාව, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිටි බවයි වාර්තා වන්නේ.
රාගම සහ කඳාන යන ප්‍රදේශවල පසුගිය 03 වනදා වෙඩි තැබීමේ සිද්ධීන් දෙකක් වාර්තා වූ අතර එහිදීපුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූවා.
මෙම කරුණු සැලකිල්ලට ගනිමින් මෙලෙස හදිසියේම සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.