අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගය හරහා පෙරලී ගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ ලංගම බස් රථයේ ගැටී අද(22) දින සිදු වූ අනතුරකින් ත්‍රීරෝද රථයේ රියදුරා සහ පසුපස අසුනේ ගමන් ගත් තරුණයෙකු බරපතල ලෙස තුවාල ලබා කොත්මලේ මල්දෙණිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු එම තුවාලකරුවන් දෙදෙනාගේ තත්ත්වය බරපතල නිසා එම තුවාලකරුවන් දෙදෙනා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යැවූ බව දිඹුලපතන පොලිසිය පවසනවා.
උදෑසන 10.30ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ නාවලපිටිය බෝගහවත්ත හරහා කොත්මලේ මහවැලිගම මාර්ගයේ බෙල්ඩන් අඹගස්පිටිය ප්‍රදේශයේදීයි.
කොත්මලේ මහවැලිගම සිට නාවලපිටිය දක්වා ධාවනය වූ කොත්මලේ ඩිපෝවට අයත් ලංගම බස් රථය ඉදිරියට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයේ වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගය හරහා පෙරලී ඉදිරියට ඇදීගොස් ලංගම බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවත් අනතුරින් ත්‍රීරෝද රථයට දැඩි අලාභ හානි සිදුවී ඇති බවයි අනතුර පිළිබඳ පරීක්ෂන පවත්වන දිඹුල පතන පොලිසිය කියා සිටියා.













