පසුගිය 2025 ඔක්තෝබර් මාසය අවසානයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 6,216ක් ලෙස වාර්තා වී තිබෙනවා.
මෙය 2025 සැප්තැම්බර් මාසය අවසානයේ දී සටහන්ව තිබූ නිල සංචිත වත්කම් වටිනාකම වූ ඩොලර් මිලියන 6,244 හා සැසඳීමේ දී 0.4%ක සුළු පහළ යාමක් බවටයි වාර්තා වන්නේ.
මෙම පහළ යාම සඳහා විදේශ විනිමය සංචිතය 2025 ඔක්තෝබර් මාසය තුළ දී ඩොලර් මිලියන 6,179 සිට ඩොලර් මිලියන 6,100 ක් දක්වා 1.3%කින් අඩු වීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙනවා.
කෙසේවෙතත් 2025 ඔක්තෝබර් මාසයේ දී මහ බැංකුව සතු රන් සංචිතය ඩොලර් මිලියන 58 සිට ඩොලර් මිලියන 80ක් දක්වා 36.6%ක කැපීපෙනෙන වර්ධනයක් අත්පත් කරගෙන තිබෙනවා.
පසුගිය මාසයේ දී ගෝලීය රන් මිල සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ මෙලෙස මහ බැංකුව සතු රන් සංචිතයේ වටිනාකම ද ඉහළ ගොස් තිබෙන බවයි විශ්ලේෂකයින්ගේ අදහස වන්නේ.













