මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රජය රුපියල් බිලියන විස්සක් වැය කිරීමට සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා රජය විසින් මසකට සහල් කිලෝ 10 ක් නොමිලේ ලබාදීමේ වැඩසටහනට වීරකැටිය ප්‍රදේශයේදී එක්වෙමින්.
මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ දැනට මාස දෙකක් සඳහා ක්‍රියාත්මක කර ඇති සහල් නොමිලේ බෙදාදීමේ වැඩසටහනේ කාලසීමාව තවදුරටත් දීර්ඝ කිරීමට අවධානය යොමුවී ඇති බවයි.
උණුසුම් පුවත්
- පුද්ගල ඝාතනයකට සම්බන්ධ දෙදෙනෙක් අල්ලයි
- පුද්ගල ඝාතන දෙකක්
- උඩරට එළවළු මිලට වඩා පහතරට එළවළු මිල සීග්‍රයෙන් ඉහලට
- දසුන්ගේ නායකත්වය ලෝක කුසලානය දක්වා
- ජයේ වැඩපිළිවෙළ සියලු ආගමික නායකයන්ගේ ප්‍රසාදයට
- දිස්ත්‍රික්ක 5 කට නාය යෑම් අනතුරු ඇඟවීම්
- ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කරයි
- විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 610ක් අත්අඩංගුවට













