හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ තවත් හමුදා නිලධාරීන් දෙදෙනෙකුට තවදුරටත් සම්බාධක පැනවීම සඳහා ජි 7 රටවල් එක් කරගැනීමට කැනඩාව කටයුතු කරමින් සිටිනවා.
එරට විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොල පවසන්නේ ශ්‍රී ලංකාවේ සිවිල් ගැටුමේ දී මානව හිමිකම් කඩවීම් සිදුවූ බවට චෝදනා කරමින් පසුගියදා හිටපු ජනාධිපතිවරුන් ඇතුළු සිව්දෙනෙකුට කැනඩාව සම්බාධක පැනවූ බවයි .
දමිල මාධ්‍ය නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කර තිබෙනවා .