බරපතල වැඩ සහිතව සිරදඬුවම් නියම වූ හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලීන් ප්‍රනාන්දු යන මහත්වරුන් බැලිමට පවුලේ සාමාජිකයන්ට හෝ හිතුවතුන්ට අවසර ලැබෙන්නේ මාසයකට එක් අවස්ථාවක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
බන්ධනාගාර කොමසාරිස් ගාමිණී දිසානායක මහතා කියා සිටියේ සියලුම අච්චු සිරකරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන නීතිය එය බවයි.
ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ සාමාන්‍යයෙන් එක වරකට තිදෙනෙකුට එම අවස්ථාව ලැබෙන බවයි.
බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද සහ නලීන් යන මහත්වරුන් දෙදෙනාම එකම පොදු ස්ථානයක රඳවා සිටින බවයි.
ඔවුන් දෙදෙනාට බන්ධනාගාරයේ වැඩ පැවරීම සිදුවන අතර ඔවුන් බන්ධනාගාරයේ මුද්‍රණ අංශය වෙත යොමු කිරීමට නියමිත බවත් වාර්තා වනවා.
–