ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර පාන්තයේ නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය සහ ජාතිකවාදී කොංග්‍රස් පක්ෂයේ නායක අජිත් පවර මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ ඔහු ගමන් කළ ගුවන් යානය අනතුරකට ලක්වීමෙන් බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
අනතුරෙන් නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු පුද්ගලයන් හය දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවටයි වාර්තා වන්නේ.
මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පූනේ දිස්ත්‍රික්කයේ බරමති ප්‍රදේශයේ ගුවන් තොටුපොළ ආසන්නයේ යානය ගොඩබෑමට යාමේදී මෙම අනතුර අද(28) සිදුව ඇති බවයි ඉන්දීය සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ.
යානයේ සිටි සියලුම දෙනාම මියගොස් ඇති බවටද අනාවරණය වනවා.
බරමති ප්‍රදේශයේ පැවැත්වීමට නියමිතව තිබූ මහජන හමුවකට සහභාගවීමට නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍යවරයා අද(28) උදෑසන මුම්බායි නුවරින් පිටත්ව තිබෙනවා.
ආරක්ෂක සහ හදිසි සහන සේවා කණ්ඩායම් අනතුර සිදු වූ ස්ථානයට වහාම යොමු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම ගුවන් යානය දිල්ලිය පදනම් කර ගත් වරලත් සමාගමක් වන වීඑස්ආර් සමාගමට අයත් ලියර්ජෙට් 45 වර්ගයේ එකක් බව ගුවන් සේවා නියාමන ආයතනය පවසනවා.
පසුගිය දශක හතර තුළදී මහාරාෂ්ට්‍ර දේශපාලන භූමිකාවේ කැපී පෙනෙන චරිතයක් වූ පවර් මහතා ඔහුගේ ආධාරකරුවන් අතර දාඩා(= මරාති භාෂාවෙන් වැඩමහල් සහෝදරයා) නමැති ආදරණීය නාමයෙන් අමතනු ලැබූ බවයි වාර්තා වන්නේ.
1980 දශකයේදීසිය මාමාගේ අඩි පාරේ යමින් බිම් මට්ටමේ දේශපාලනයට පිවිසි ඔහු 1991දී බරපතී ලෝක් සභා ආසනය දිනාගැනීමට සමත්ව තිබෙනවා.













