පල්ලේකැලේ එළිමහන් සිර කඳවුරේ සිටි රැඳවියෙකු මහවැලි ගඟට පැන පිහිනා පළායමට උත්සහ කිරීමේදී දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.
මෙම රැඳවියා බන්ධනාගාරය තුළ වගා අංශයේ වැඩට යොදවා සිටියදී මෙලෙස පළායාමට උත්සහ කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අතුරුදන් වූ රැඳවියා 36 හැවිරිද බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.
අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට වරදකරුවී පසුගිය 12 වැනිදා දිය මොහු මාස 03ට බන්ධනාගාරගත කිරීමටයි කටයුතු කර තිබුනේ.
අතුරුදන් රැඳවියා සොයා නාවික හමුදා කිමිඳුම්කරුවන්ගේ සහය ඇතිව පල්ලේවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
උණුසුම් පුවත්
- පාසල් කාලය සම්බන්ධයෙන් දැනුම් දීමක්
- මහනුවර අනවසර පදික වෙළෙඳුන් ඉවත් කෙරේ
- බල්ගේරියාවේ යුරෝ මුදල් භාවිතය ඇරඹෙයි
- සංක්‍රමණිකයින් 200 ක් රැගත් බෝට්ටුවක් පෙරළි යයි
- ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයෙන් ඉල්ලීමක්
- ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක්
- ඇෆ්ගනිස්තානයේ අයහපත් කාලගුණයෙන් 17 ක් ජීවිතක්ෂයට
- කොරතොට වෙඩි තැබීමක් – පුද්ගලයෙකු ජීවිතක්ෂයට












