මහරගම නගර සභාවේ විපක්ෂය නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් එක්ව විරෝධතාවයක් පවත්වා තිබෙනවා.
ඒ රජය ගෙන ඒමා නියමිත සමරිසි නීතිය හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිවයි.
නගර සභාවේ මාසික සභා රැස්වීම අද(09) පෙරවරුවේ ආරම්භවීමට පෙර නගර සභාව ඉදිරිපිට උද්ඝෝෂණ පාඨ කියමින් විරෝධතා පුවරු අතැතිව උද්ගෝෂණයේ නිතරව තිබෙනවා.
“සමරසිරි නීතිය එපිට එපා”, “සමරිසි නෙවෙයි එන්.පී.පී. රිසි”, “ගුරුවරයා දංගොඩ ගෝලයා අපායට”, “සමලිංගික පාරාදීසයකට ආරාධනා කිරීම ලැජ්ජයි”, “රට දිනවන එන්.පී.පී. වැඩපිළිවෙළ සමලිංගික පාරාදීසයක්ද” යනුවෙන් සඳහන් පුවරු ප්‍රදර්ශනයකරමින් ඔවුහු විරෝධතාවයේ නිරතව තිබෙනවා.
පසුව ඔවුන් විරෝධතා පුවරු අතැතිව උද්ඝෝෂණ පාඨ කියමින් සභා රැස්වීම පැවැති සභාවට පැමිණ සහභාගිව තිබනෙවා.
සර්ව ජනබලය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙම විරෝධතාවට එක්ව තිබෙනවා.