මහනුවර පෙරහැර කටයුතු සඳහා සහභාගීවී සිටි ඇත්ගොව්වෙකුගේ සහායකයෙකුගේ මළසිරුරක් අද (31) උදෑසන මහනුවර වැව් ඉවුරේ පාවෙමින් තිබියදී සොයා ගෙන තිබෙනවා.
මෙම පුද්ගලයා මහනුවර කතරගම දේවාලයේ පෙරහරට සහභාගී වීම සඳහා අරණායක ප්‍රදේශයේ සිට පැමිණ ඇති අතර ඔහු අලියෙකුගේ ප්‍රධාන පාලකගේ සහායක වශයෙන් කටයුතු කර තිබෙනවා.
අචලංක නැමැති 28 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස මියගොස් ඇති අතර මේ සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලීසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.