දියවඩන නිලමේ තෝරා පත් කර ගැනීමේදී කාන්තාවන්ට ඡන්ද අයිතිය ලබා දෙන ලෙස ඉල්ලා මහනුවර නගරයේ අද සාමකාමී විරෝධතාවයක් පැවැත්වුණා.
ඒ මහනුවර මහජන සභාව, මහනුවර සිවිල් සංවිධාන වෘත්තිය සමිති හා සමාජ ක්‍රියාකාරීන්ගේ එකමුතුව යන සංවිධානවල ප්‍රධානත්වයෙන්.
මෙහිදී මහනුවර මහජන සභාවේ කැඳවුම්කරු ගාමිණී ජයවිර මහතා කියා සිටියේ කාන්තා අයිතිවාසිකම් සදහා ඉඩ ලබා දෙමින් දියවඩන නිලමේ තෝරා පත්කර ගැනීමේදී කාන්තාවන්ට අවස්ථාව ලබා දිය යුතු බවයි.