දැනට වැඩ නැවතී ඇති මහනුවර ජාතික රෝහලේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති 4කට අදාළ ඉදිකිරීම් කටයුතු යම් ප්‍රමාණයකින් හෝ අවසන් කිරීම සඳහා දළ වශයෙන් රුපියල් මිලියන 1,500ක මුදලක් වෙන් කිරිමට සැළසුම් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, එම රෝහලේ අතරමග වැඩ නැවතී ඇති සංවර්ධන ව්‍යාපෘති කිහිපයක ඉදිකිරීම් සොයා බැලීම සඳහා වන නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.
මෙරට සෞඛ්‍ය ක්ශ්‍රේත්‍රයේ කිසිදු විදිමත් සැලැස්මකින් තොරව සහ විවිධ ලැදියාවන් මත විවිධාකාර ඉදිකිරීම් ව්‍යාපෘත්ති ක්‍රියාත්මක කර ඇති අතර ඒවා මේ වන විට රෝහල් පද්ධතියට දරා ගත නොහැකිව ඇති බවයි අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ.
දැනට ස්ථාපිත ජාතික රෝහල් 3ට අමතරව තවත් එක් ජාතික රෝහලක් පමණක් පිහිටුවීම ප්‍රමාණවත් වනු ඇති බවත් ඔහු මෙහිදී සඳහන් කර තිබෙනවා.