ඇසල පෙරහැර නිමිත්තෙන් මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ රථ වාහන සැලැස්මක් අද සිට ක්‍රියාත්මක බව මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතා පවසනවා.
මෙම රථ වාහන සැලැස්ම පළමු කුඹල් පෙරහැර ආරම්භයත් සමග ක්‍රියාත්මක වන අතර එය අවසන් රන්දෝලි පෙරහැර හා පසුදින දහවල් පෙරහැර තෙක් ක්‍රියාත්මක වනවා.
පෙරහැර පැවැත්වෙන කාලය තුළ දී මහනුවර නගරයට වාහන ඇතුලු කිරීම අත්හිටුවන බවත් පොදු ජනතාවට අවහිරයකින් තොරව ගමන් කිරීම සඳහා විකල්ප මාර්ග හදුන්වාදී ඇති බවත් පොලිසිය පවසනවා.
පෙරහැර නිමිතිකොට ගෙන මහනුවර නගරය තුළ වාහන නැවැත්වීම ද සීමා කිරීමට රථ වාහන පොලිසිය කටයුතු කර තිබෙනවා.
පොලිසිය , ත්‍රිවිධ හමුදාව ඇතුලුව 6000කට ආසන්න නිලධාරීන් ප්‍රමාණයක් ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් රාජකාරී යොදවා ඇති බවයි මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතා තවදුරටත් සඳහන් කළේ.