විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම සඳහා විශේෂ මහජන උපදේශන සැසියක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ හෙට දිනයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී එම මහජන උපදේශන සැසිය පැවැත්වීමට නියමිත බවයි.
විදුලි ගාස්තු වැඩිවීම හෝ අඩුවීම සම්බන්ධයෙන් එහිදී මහජනතාවට අදහස් ඉදිරිපත් කිරීමට හැකියාව පවතීනවා .
වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සාමාජිකයින් ඇතුළු ඕනෑම අයෙකුට මේ සඳහා අදහස් ලබාදීමට හැකියාව පවතින බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කලා.
විදුලි ගාස්තු සහ ඒ ආශ්‍රිත තවත් සෙසු කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කොමිසමේ සෙසු සාමාජිකයින් අතර සාකච්ඡාවක් මෙම මස අවසානයට පෙර පැවැත්වීමට නියමිත බව ද මහජන උපයෝගිතා කොමිසම පැවසුවා.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














