විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම සඳහා විශේෂ මහජන උපදේශන සැසියක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ හෙට දිනයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී එම මහජන උපදේශන සැසිය පැවැත්වීමට නියමිත බවයි.
විදුලි ගාස්තු වැඩිවීම හෝ අඩුවීම සම්බන්ධයෙන් එහිදී මහජනතාවට අදහස් ඉදිරිපත් කිරීමට හැකියාව පවතීනවා .
වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සාමාජිකයින් ඇතුළු ඕනෑම අයෙකුට මේ සඳහා අදහස් ලබාදීමට හැකියාව පවතින බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කලා.
විදුලි ගාස්තු සහ ඒ ආශ්‍රිත තවත් සෙසු කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කොමිසමේ සෙසු සාමාජිකයින් අතර සාකච්ඡාවක් මෙම මස අවසානයට පෙර පැවැත්වීමට නියමිත බව ද මහජන උපයෝගිතා කොමිසම පැවසුවා.
උණුසුම් පුවත්
- මෙක්සිකෝවේ දැවැන්ත දුම්රිය අනතුරක්
- කොළඹ – හලාවත දුම්රිය ධාවනය යළි ඇරඹෙයි
- රේගු ආදායම වාර්තාගත ලෙස ඉහළට
- සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි වීම ඩිජිටල්කරණය කෙරේ
- බ්‍රේස්වෙල් ක්‍රිකට් පිටියට සමුදෙයි
- බඹර ප්‍රහාරයකින් කාන්තාවන් තිදෙනෙක් රෝහලට
- ප්‍රේම සම්බන්ධයක් නිසා තරුණියකට දිවි අහිමිවෙයි
- මත්තලින් රට ගියොත් සුපිරි වාසියක්













