සම්බාහින මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් සිව්දෙනෙක් සීදුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ඊයේ(18) සවස් කාලයේ සීදුව, මීගමුව පාර ලිපිනයේ පිහිටි සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් සීදුව පොලිසිය විසින් වටලා ගණිකා වෘත්තියේ යෙදීම සඳහා රැඳී සිටීම සම්බන්ධයෙන් සැකකාරියන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 21ත් 34ත් අතර වයස්වල පසුවන මාතලේ, අලව්ව සහ හැටන් යන ප්‍රදේශවල පදිංචිකාරියන් බවයි පොලිසිය පවසන්නේ.
සීදුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













