ගල්කිරියාගම පොලිස් වසමේ උස්සාන ප්‍රදේශයේදී ඊයේ (10) පිරිමි ළමයෙකු ජලය පිරි අමුණක ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව වන දින ගල්කිරියාගම පොලිසිය පවසනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 12 ක් වූ දේවහුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මියගිය ළමයා පන්සල් යාම සඳහා අමුණේ මල් නෙලීමට යාමේදී මෙසේ දියේ ගිලී ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ගල්කිරියාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













