සෝමාලියාවේ මොගඩිෂු අගනුවර, ලිඩෝ වෙරළ ප්‍රදේශයේ හෝටලයකට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
පුපුරණ ශබ්දයත් සමඟ ආරක්ෂක අංශ එම ස්ථානයට ළඟාවී ඇති අතර වෙඩි හඬද ඇසුණු බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
අල්කයිඩා සංවිධානයට අනුබද්ධ අප්‍රිකානු අල් ෂබාබ් සංවිධානය සිය ගුවන්විදුලිය හරහා මෙම ප්‍රහාරයේ වගකීම භාරගන්නා බවට නිවේදනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසන්නේ .