අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඉකුත් මාර්තු මුලදී අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇප මත මුදාහැර තිබෙනවා.
කැලණිය ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් කූඨ ලේඛන සකස්කර මුදල් වංචාකිරීමේ චෝදනාවකට අදාළව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.
අල්ලස් කොමිසම විසින් සිය නිත්‍යානුකූල ආදායම අබිභවා රුපියල් කෝටි ගණනක දේපළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින් අල්ලස් පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා කරමින් මර්වින් සිල්වා මහතාට අධි චෝදනා භාර දී තිබෙනවා.
කොළඹ මහාධිකරණය වෙත අද (6) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඔහුට ඇප ලබා දී තිබෙනවා.
කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ මෙම අධිචෝදනා විත්තිකරුට භාර දීම සිදු කළ අතර,ඉන් අනතුරුව විත්තිකරු ඇප මත මුදා හැරීමට ද අධිකරණය නියම කර තිබෙනවා.