සිහින ගමනාන්තය” යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීම හෙටින් ආරම්භ කෙරෙනවා.
මරදාන දුම්රිය ස්ථානයේ පෞරාණිකත්වයට හානියක් නොවන පරිදි නවීකරණ කටයුතු සිදු කරන බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසන්නේ.
ශ්‍රී ලංකාවේ පිහිටි ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් දුම්රිය ස්ථානයක් ලෙස මරදාන දුම්රිය ස්ථානය හඳුනාගත හැකියි.
වර්තමානයේ කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි දුම්රිය ස්ථාන අතුරින් දෙවෙනි විශාලතම දුම්රිය ස්ථානය වන්නෙද් මරදාන දුම්රිය ස්ථානයයි.
වර්තමානයේ දුම්රිය මගී යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් මරදාන දුම්රිය ස්ථානයේ පෞරාණිකත්වයට හානියක් නොවන පරිදි මෙම කටයුතු සිදු කෙරෙනවා.
මෙම ව්‍යාපෘතිය යටතේ පෞද්ගලික අංශයේ දායකත්වයෙන් නවීකරණ කටයුතු සිදු කරන බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සදහන් කළේ.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














