ඊයේ (11) රාත්‍රීයේ දෙපිරිසක් අතර ඇති වූ අරවුලක් දුරදිග යාමෙන් ඇති වූ ගැටුමකදී පිය පුතු දෙපළකට පුද්ගලයෙකු විසින් කඩුවකින් සිදුකළ පහරදීමකදී පුත්‍රයා මියගොස් තිබෙනවා.
මතුගම, අඹරුල්ලගහවත්ත ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
පහරදීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ පිය පුතු දෙපළ කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී පුත්‍රයා මිය ගොස් තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 23 ක් වූ යටිදොල, නවුත්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි අශේන් චාමික පෙරේරා නමැති අවිවාහක තරුණයෙක් වන අතර තුවාලකරු වූ පියා වයස අවුරුදු 51 ක් වන එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක්.
සිද්ධියෙන් පසු සැකකරු පලාගොස් ඇති අතර අපරාධයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මතුගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.