වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරිම සම්බන්ධයෙන් සැකකරුවෙකු කොළඹ මධ්‍යම කොට්ඨස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජුලි මස 08 වන දින රාත්‍රී කාලයේදී බොරැල්ල, ලෙස්ලි රණගල මාවතේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනයට තැත් කිරීම සම්බන්ධයෙන් සිදු කෙරුණු විමර්ශනවලට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව විමර්ශන නිලධාරීන්ට ලද තෙරතුරකට අනුව ඉහත වෙඩි තැබීමේ සිද්ධියේ යතුරු පැදිය පැදවූ පැදිකරු හා අපරාධය සඳහා යොදාගත් යතුරු පැදිය ඊයේ(20) දින නිකවැරටිය පොලිස් වසමේදී අත්අඩංගුවට ගැනුනු බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 23ක් පමණ වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර ජුනි මස 30 වන දින රාත්‍රී කාලයේදී කහවත්ත යායින්න ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයින් දෙදෙනෙකු ජීප් රථයකින් පැමිණ පොලිස් නිලධාරීන් යැයි පැවසූ පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇන්දාන පාරේ පාලු ප්‍රදේශයකදී වෙඩි තබා එක් පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙක් අද(21) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පොලිස් විශේෂ කාර්ය බ ලකා විශේෂ මෙහෙයුම් ඒකකයා ලද තොරතුරකට අනුව බස්නාහිර පළාත උතුරු දිසා අපරාධ කොට්ඨාෂායේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
සැකකරු කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12ක් ජංගම දුරකථන දෙකක් සමගින් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43ක පුද්ගලෙයකු වන අතර ඔහු රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය කියා සිටියේ.
පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ අදාළ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස සැකකරු කටයුතු කර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයේන බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.