මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල ලබාදුන් බව කියන සැකකරුවෙකු අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ මැයි මස 30 වන දින පෙරියනීලාවෙනි ප්‍රදේශයේ නීලාවෙනි පාර ප්‍රදේශයේ කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශන අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
සැකකරු සමග වෑන් රථයක් සහ යතුරු පැදියක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු පෙරියනීලාවෙනි පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 20ක් පමණ වූ පෙරියනීලාවෙනි 01 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පෙරියනීලාවෙනි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.