මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙක් නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 10 වැනිදා ගෙල සිරකර හිසට පහරදී පුද්ගලයෙකු ඝාතනය කර හෝමාගම, බයිපාස් මාර්ගයේ දමාගොස් තිබූ අපරාධයට සම්බන්ධ පුද්ගලයන් සිව්දෙනෙක් බවයි පොලිසිය කියා සිටියේ.
සැකකරුවන් ඊයේ(25) රාත්‍රී කාලයේදී මාදම්පිටිය හා ග්‍රෑන්ඩ්පාස් යන පොලිස් වසම්වලදී නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන හෝමාගම පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 18 සහ 24 යන වයස්වල පසුවන කොළඹ 14 සහ 15 යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.
මෙම සිද්ධියේදී ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ මෝටර් රථය කෑගල්ල මාවනැල්ල මාර්ගයේ තිබී හමුවීමෙන් පසු දීර්ඝ විමර්ශනයක් සිදුකර එම අපරාධයට සම්බන්ධ සැකකරුවන් ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
හෝමාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.