මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු ගලේවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ගොවි පොළක පිහිටි වෙළෙඳ සැලක රාතී මුරකරු ලෙස සේවය කළ පුද්ගලයෙකු මනුෂ්‍ය ඝාතනයක් සිදුකර එකී වෙළෙඳ සැල බිඳ රුපියල් 90,597ක් වටිනා දේපළ සොරකම් කිරීමේ අපරාධ සම්බන්ධයෙන් ගලේවෙල පොලිස් ස්ථානය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව ගලේවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් අපරාධයට සම්බන්ධ සැකකරුවෙක ඊයේ(27) දින බඩල්ගම, ජම්බුගස්වත්ත ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අවුරුදු 33ක් වන පහත්ගම හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය කියා සිටියේ.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරු අද(28) දඹුල්ල මහේස්ත්‍රාත් ධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගලේවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













