
වෙඩි තබා සිදුකළ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පසුගිය 16 වැනි දින නවගමුව කොරතොට ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධව හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් විමර්ශන ආරම්භ කර තිබුණා. පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 21 හා 29 හැවිරිදි රණාල හා පල්ලම ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.














