Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අප්‍රේල් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මනාලියක් වීමේ සිහිනය පසෙක තබා හිටපු හමුදා මේජර්වරිය සසුන්ගත වෙයි

    මනාලියක් වීමේ සිහිනය පසෙක තබා හිටපු හමුදා මේජර්වරිය සසුන්ගත වෙයි

    2023-07-27කියවීමට මිනිත්තු 2ක් ගතවේ.42 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික මේජර්වරියක වන මනිෂා ඉන්දීවරී වික්‍රමසිංහ මෙනෙවිය වැල්ලවාය, බුදුගල ආරණ්‍ය සේනාසනයේදී කරන්දෙණියේ ධම්ම නිරෝධා යන නමින් අද(27) උදෑසන සුබ මොහොතින් සසුන්ගත වීමට නියමිතයි.

    බුලුගල ආරණ්‍ය සේනාසනයේ නිර්මාතෘ රතුපස්කැටියේ විමුක්තිරතන, ගලඋඩහේනේ විශුද්ධිරතන සහ බද්දේගම ජනසාර යන හිමිවරුන්ගේ උපාධ්‍යයත්වයෙන් යුතුව ඇය සසුන්ගත වීමට නියමිතව ඇත.

    තිස් පස් වන වියේ පසුවන ඇය ශ්‍රි ලංකා යුද හමුදාවේ සිටි නිදහස් ආර පැරිෂුට් පැනීමේ ප්‍රථම කාන්තා නිලධාරිනියද වූවාය.

    යුද හමුදාවේ රාජකාරී කරන සමයේ විවිධ අවස්ථාවලදී ඉහළ අහසේ සිට වාර හාරසිය අනූවක් පැරිෂුට් ආධාරයෙන් බිමට පැන ඇති බව විශ්‍රාමික මේජර් මනීෂා ඉන්දීවරි වික්‍රමසිංහ මෙනෙවිය පවසනවා.

    එංගලන්තය, ජර්මනිය සහ දෝහා කටාර්වල පැවැති ලෝක පැරිෂුට් තරගවලටද සහභාගි වී ඉහළ අහසේ සිට බිමට පැන දස්කම් දක්වා ඇති ඇය, ශ්‍රී ලංකා මාතාවට ගෞරවයක් සහ අභිමානයක් ලබාදී ඇති නිලධාරිනියකි.

    කරන්දෙණියේ පදිංචි ඇයගේ පියා ටී.ඩී. මාටින් මහතා වන අතර, මව ටී.ඩී. සෝමාවතී මහත්මියයි.
    දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ එකම දියණිය වන්නේ මනීෂායි.

    ඇයගේ සහෝදරයෙක්ද ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙබලෙකු ලෙසින් සේවය කරනු ලබනවා.

    ගාල්ල, මඩකුඹුර ජාතික පාසලේ සහ ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ දීප්තිමත් ආදි සිසුවියක වන ඇය, 2008 වසරේදී කැඩෙට් නිලධාරිනියක ලෙස දියතලාව යුද හමුදා විද්‍යාපීඨයට ඇතුළත්ව නියමිත පුහුණුවීම් ලබා දෙවැනි ලුතිතන් නිලයට පත්වූවා.

    ඇය යුද හමුදාවෙන් විශ්‍රාම ලැබුවේ 2023 වසරේ ජනවාරි 04 වනදායි.

    ඇය වන්නි මානුෂීය මෙහෙයුමේ අවසන් සටන් පැවැති කාලයේ මුලතිව් පුදුමාතලන් ඉදිරි ආරක්ෂක වළල්ලේද රාජකාරි කළා.

    ”අපේ ගෙදර තිබුණේ තනිකරම බෞද්ධ පරිසරයක්… මම පුරුද්දක් වශයෙන් කුඩා කාලයෙහි සිටම පන්සල් යනවා. ධර්ම දේශනාවලට සවන් දෙනවා. බුදු පිළිම වන්දනාමාන කිරීම සහ බෝධි පූජා පැවැත්වීමට එහා ගිය ගැඹුරු දහමක් බුදු දහමේ තිබෙන බව මට කලක් යද්දි අවබෝධ වුණා. මම හැකි සෑම අවස්ථාවකම බුදු දහමගැන ලියවුණු පොත්පත් කියෙව්වා. ඒ අනුව මනාලියක් වීමේ සිහින අතහැර පැවැදි දිවියට ඇතුළත් වීමට තීරණය කළා” යැයි ඇය පවසනවා.

    ඕනෑම කෙනෙකුට ජීවිතයේ ඇති වන ඕනෑම ගැටලුවකට ප්‍රශ්නයකට බුදු දහමේ විසඳුම් තිබෙන බව තමා අවබෝධ කරගත්තේ යැයිද ඇය කියා සිටියා.

    Former Major
    පෙර පුව​තජාතික වකුගඩු රෝහල ඇතුළු දිවයිනේ වකුගඩු රෝහල්වල ශල්‍යකර්ම ඇණහිටීමේ අවදානමක්
    ඊළඟ පුව​ත අගෝස්තු මාසය මුල සිට ජලබිල්පත් ඉහළ දමයි

    සබැ​ඳි පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group