මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ නව හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකකයක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රුපියල් මිලියන 600ක ආධාරයක් ඉන්දියාව ලබා දී තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය සඳහා වන අවබෝධතා ගිවිසුම ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් අත්සන් කරනු ලැබුවා.
මෙම අවස්ථාව සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද එක්ව සිටියා.
මෙම ආධාර වැඩසටහනට දෙමහල් හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකකයක් ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ ලබා ගැනීම ඇතුළත්.
මන්නාරම රෝහලේ හදිසි ප්‍රතිකාර සේවා සඳහා ඇති අඩුපාඩු, නියමිත වේලාවට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමේ ගැටලු සහ ඇඳන් ධාරිතාවට පිළිබඳ ගැටලුව නිරාකරණය කර ගැනීම මෙම ව්‍යාපෘතිය තුලින් සිදු කරනු ලබනවා.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














