ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති බව ගාසා සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා.
ඒ අනුව මේ දක්වා ගාසා තීරයේ මන්දපෝෂණය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 196 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඒ අතරින් මරණ 96 ක්ම කුඩා දරුවන් බවට අණාවරණය වී තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ ගාසා තීරයේ නොමේරූ ළදරුවන් 100 කට අදික දෙනෙකුගේ ජීවිත මේ වන විට අධි අවධානම් තත්ත්වයේ පවතින බවයි.
ඊශ්‍රායලය ගාසා තීරය වෙත මානුශහීය සහන සහ ආහාර ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ළගා වීම තව දුරටත් සීමා කරමින් තිබෙනවා.
මේ හේතුවෙන් තව දුරටත් මන්දපෝෂණය ආශ්‍රීත මරණ ඉහළ යා හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.