ලිඳුල, නාගසේන ටිල්කුල්ටි්‍ර වතු යායේ තේ වත්තක මන්දකට හසුව සිටි හොඳින් වැඩුණු කඳුකර කොටියා පශු වෛද්‍යවරයා විසින් නිර්වින්දනය කර අද(27) දින මුදාගෙන තිබෙනවා.
සතුන් දඩයම් කිරීම සඳහා කිසියම් පුද්ගලයෙකු විසින් තේ වත්තේ අටවා තිබූ මන්දකට මෙසේ කඳුකර කොටියා හසුව ඇති බව දුටු වතු කම්කරුවන් ඒ පිළිබඳ ලිඳුල පොලිසිය මගින් නුවරඑළිය වනජීවි කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කර තිබෙනවා.
දෙහිවල අත්තිඩිය පශු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍යවරුන් විසින් එම වතුයායට පැමිණ මන්දට හසු වී සිටි කඳුකර කොටියා නිර්වින්දනය කර මුදාගෙන තුවාල ලබා සිටි කඳුකර කොටියාව රන්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.
කඳුකර කොටියාගේ පසුපස පාදය කම්බි මන්දට හසුවීම නිසා කොටියා බේරී යාමට උත්සාහ කිරීම හේතුවෙන් තුවාල ලබා තිබෙනවා.













