ඉලංගෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන් මහතා ගමන් ගත් වෑන් රථයේ යතුරු පැදියක් ගැටීමෙන් යාපනයේ මීසාලෙයි උතුර ප්‍රදේශයේදී අනතුරක් සිදුව තිබෙනවා.
එම අනතුරෙන් යතුරු පැදියේ ගමන්ගත් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
තුවාලකරුවන් චාවකච්චේරි රෝහලට ඇතුළත් කර ඇති බවද කොඩිකාමම් පොලිසිය පවසනවා.
මන්ත්‍රීවරයා පැදවූ වෑන් රථයේ රියදුරුවරයා කොඩිකාමම් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පවසන්නේ මන්ත්‍රීවරයා වෑන් රථයෙන් ශියාමාලා හන්දිය ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරු පැදියක ගැටීමෙන් ඊයේ(31) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.












