අත්අඩංගුවට ගැනුණු ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ඇප මත මුදාහැර තිබෙනවා.
සපුගස්කන්ද ප්‍රදේශයේදී ඊයේ(11) සවස සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අද(12) දහවල් අත්අඩංගුවට ගැනුණා.
ජාතික රෝහලට පැමිනි මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය සැකකාර මන්ත්‍රීවරයා පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබෙනවා.
ඒ ලක්ෂ දෙකක ශරීර ඇපයක් මතයි.
මීට අදාළ නඩුව දෙසැම්බර් මස 19 වන දින කැඳවීමට නියමිත බවයි වාර්තා වන්නේ.













