මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජලපෝෂක ප්‍රදේශවලට අද(20) දින අලුයම් කාලයේ සිට ඝන මීදුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන් රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
වී නිව්ස් වාර්තාකරු කියා සිටියේ සිටියේ හැටන් නුවරඑළිය සහ හැටන් කොළඹ සහ අතුරු මාර්ගවල මෙම ඝන මීදුම් තත්ත්වය පැවැති බවයි.
මේ අතර පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ ඝන මීදුම් සහිත මාර්ගවල රථ වාහන ධාවනයේදී වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන සෙමින් සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙසයි.