මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශයන්ට අද(10) දින ඝන මීදුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන් ජනජීවිතයට මෙන්ම රථ වාහන ගමනාගමනයට බාධා පැමිණ තිබෙනවා.
හැටන් – නුවරඑළිය, හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගවල සහ අතුරු මාර්ගවල මෙම ඝන මීදුම් තත්ත්වය පැවැති බවයි වාර්තා වන්නේ.
එම මාර්ගවල රථ වාහන ධාවනය කිරීමේදී වාහනවල ඉදිරිපස ලාම්පු දල්වාගෙන සෙමින් සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙසට හැටන් පොලිසියේ රථ වාහන අංශය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.













