මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද(08) දින පස්වරුවේ සිට ඇද හැලෙන වර්ෂාවත් සමග ඇති වූ ඝණ මීදුම් තත්ත්වයත් හේතුවෙන් ජන ජීවිතයට මෙන්ම රථ වාහන ගමනාගමනයට බාධා පැමිණ තිබෙනවා.
හැටන් – නුවරඑළිය, හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගවල සහ අතුරු මාර්ගවල මෙම ඝණ මීදුම් තත්ත්වය පවතින බවයි වාර්තා වන්නේ.
එම මාර්ගවල රථ වාහන ධාවනය කිරීමේදී වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන සෙමින් සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.













