මදනමෝදක ගුලි දෙකකට තවත් ද්‍රව්‍ය කිහිපයක් එකතු කර කලවම් කර පානයක් ලෙස පිලියෙළ කරගනිමින් පාලනය කළ තරුණයෙක් අධික ලෙස මත්වීමෙන් පසු නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කළ බව නුවරඑළිය පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පවසනවා.
නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 18ක් පමණ වයසැති එම තරුණයා සමාජ මාධ්‍යයක මදනමෝදක ගුලි සහ තවත් ද්‍රව්‍ය කිහිපයක් එකතු කරගෙන පානයක් ලෙස සකස් කර පානය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් නරඹා එම ප්‍රායෝගිකව සිදුකර පානය කිරීමෙන් පසු එම තරුණයා අධික ලෙස මත්වීමෙන් පසු එම තරුණයාගේ දෙමව්පියන් විසින් ඔහුව රෝහල්ගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
සමාජ මාධ්‍යවල පවතින මෙවැනි වීඩියෝ දර්ශන නරඹා එය ප්‍රායෝගිකව සිදු කිරීම අවදානම් බවත් එවැනි ක්‍රියා සිදු කිරීමට යාමෙන් වළකින ලෙසත් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා තරුණ පිරිසගෙන් ඉල්ලා සිටිනවා.