මත්ස්‍ය අපනයනය සුරක්ෂිත කරන අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.
ඒ සමුද්‍රීය සම්පත් සුරැකීම සහ ජාත්‍යන්තර මත්ස්‍ය අපනයන වෙළඳපොළ සුරක්ෂිත කිරීමේ අරමුණෙන්.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව තවත් රාජ්‍ය ආයතන 11ක් සමග එක්ව මෙම අවබෝධතා ගිවිසුමකට එළඹ ඇති බවයි වාර්තා වන්නේ.
ඒ ධීවර අමාත්‍යාංශයේදීයි.
නීති විරෝධී සහ වාර්තා ගත නොවූ අක්‍රමවත් ධීවර කටයුතු මැඩලීම ද මෙමගින් සිදු වනු ඇති.
මෙය යුරෝපා සංගමයෙන් එල්ල වූ මත්ස්‍ය තහනමේ අවදානම හමුවේ රජය ගත් පියවරක් බවයි නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා එහිදී ප්‍රකාශ කළේ.
උණුසුම් පුවත්
- කතෝලික පියතුමෙකුට පහරදුන්නා යැයි කියන චෝදනාවට පොලිසියේ 6ක් රිමාන්ඩ්
- හැටන් නගරයේ සාප්පුවකින් රන් මාලයක් කොල්ලකෑ සැකකරු අත්අඩංගුවට
- රුසියානු කාන්තාවක් දියේ ගිලී මරුට
- සුළු සුළු කරුණු මත බලය ගන්න සුන්බුන් විපක්ෂය හිතනවා නම් ඒක සිහිනයක් විතරයි
- අසභ්‍ය දෑ පෙළපොතින් ඉවත් කරනු වෙනුවට ආණ්ඩුව කරන්නේ රඟපෑමක් – විශ්වාසභංගය තවමත් වලංගුයි
- කෝටි අටකට අධික වටිනා කුෂ් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- අධිවේගයේ අනතුරකින් කාන්තාවක් මරුට
- දිය අනතුරකට ලක්වූ විදේශිකයන් දෙදෙනෙක් බේරා ගැනේ













