මත්පෙති සහ මත්ද්‍රව්‍ය පුද්ගලයන්ට ඉතා සූක්‍ෂ්ම ලෙස ලබාදී ඔහු සන්තකයේ තිබෙන මුදල් සහ ස්වර්ණාභරණ සොරාගන්නා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් නාවලපිටිය පොලිසිය විසින් අත්ඩංගුවටගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව අගෝස්තු මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි පනස් හැවිරිදි සැකකරුවෙකි.
ගම්පොල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ උපදෙස් මත නාවලපිටිය පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු දිවයිනේ විවිධ ප්‍රදේශවල මත්පැන් අලෙවි සැල්වලට ගොස් එහිදී එම මත්පැන් අලෙවිහලෙන් මත්පැන් ලබාගැනීමට පැමිණෙන ඇතැමුන් සමග මිත්‍රකමක් ගොඩනගාගෙන සැකකරුගේ වියදමින් මත්පැන් ලබාදී එම මත්පැන්වලට ඉතා සූක්‍ෂ්ම ලෙස සැකකරු මත්ද්‍රව්‍ය සහ මත්පෙති දමා එය පානය කරන පුද්ගලයාට සිහිමුර්ජා වීමෙන් පසුව සිහිමූර්ජාවට පත්වූ පුද්ගලයා සන්තකයේ තිබෙන මුදල් සහ රන් ආභරණ රැගෙන පලා ගිය බවට නාවලපිටිය සහ ගම්පොළ පොලිස් ස්ථාන වෙත පැමිණිලි රැසක් ලැබී තිබෙනවා.
සැකකරු පිළිමතලාව ප්‍රදේශයේ ශීතකරණ අලුත්වැඩියා කරන මුවාවෙන් රැඳී සිටිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් මත්ද්‍රව්‍ය අලෙවි කරමින් මෙම සොරකම සිදුකර ඇති බවට නාවලපිටිය පොලිසිය විසින් සිදුකරන ලද මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණ වී තිබෙනවා.
සැකකරු මත්ද්‍රව්‍ය රැගෙන ත්‍රීරෝද රථයකින් ගිනිගත්හේන ප්‍රදේශයට යන බවට ලද තොරතුරක් මත සැකකරු නාවලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පරීක්‍ෂා කිරීමේදී ඔහු සන්තකව තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් හතරක් සොයාගෙන තිබෙනවා.
මත්ද්‍රව්‍ය අලෙවිකර ලබාගත් මුදලින් ත්‍රීරෝද රථය මිලදී ගත් බවට සැකකරු විසින් නාවලපිටිය පොලිසියට පාපෝච්චාරණයක්ද කර තිබෙනවා.