ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ පොලිස් නිළධාරියෙකුට ලැබුණු තොරතුරකට අනුව ගලෙන්බිඳුණුවැව පොලිස් වසමට අයත් අශ්වයා බැදිවැව ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී එම නිවසේ කාමරයක් තුළ සූක්ෂම ලෙස සගවා තිබූ මත්පෙති අඩංගු කාඩ් 09 සහ එම කාඩ්වල අඩංගු මත්පෙති 88 ක් සහ හිස් මත්පෙති කාඩ් 16 සමග එම ප්‍රදේශයේ තරුණයෙකු ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ දුෂණ මර්ධන අංශයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 21 වන සැකකරුවෙකු බවයි ගලෙන්බිඳුණුවැව පොලිසිය සදහන් කළේ
ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති එම්.එම්.ඩී.එන්.චතුරංග මහතා සදහන් කළේ මෙම සැකකරු දීර්ඝ කාලයක සිට මෙම මත්පෙති විකිණීමේ ජාවාරමේ නිරත වූ සැකකරුවෙකු බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු හෙට දින කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානය විසින් සිදුකරනු ලබනවා.