සුරාබදු පනතේ විධිවිධානයන්ට පටහැනි ආකාරයෙන් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රහිමියන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 03ක් සලකාබැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැයි මස 10 වනදා තෙක් බලපැවැත්වෙන පරිදි මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කිරීමටයි ඊයේ කටයුතු කළේ.
ඇතැම් බලපත්‍ර නිකුත් කිරීමේදී සුරා බදු රෙගුලාසිවල සඳහන් මූලික අවශ්‍යතා පවා උල්ලංඝනය කර තිබෙන බවද මෙහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරයා පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම නියෝග නිකුත් කළ බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
උණුසුම් පුවත්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














