මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාම මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටි දකුණු අප්‍රිකානු ජාතිකයෙකුට මීගමුව මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබෙනවා.
අදාළ දකුණු අප්‍රිකානු ජාතිකයා 2021 වසරේදී කටුනායක ගුවන් තොටුපොලේදී මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වන චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම තීන්දුව ඊයේ(25) ලබාදී ඇත්තේ විත්තිකරු වැරදි තුනකට වරද පිළිගැනීමෙන් පසුවයි.
භයානක මත්ද්‍රව්‍යයක් ළඟ තබා ගැනීම, ජාවාරම් කිරීම සහ ආනයනය කිරීම යන චෝදනා විත්තිකරුට එරෙහිව පැවැති බවයි නීතිපතිවරයා විසින් ගොනු කරන ලද අධිචෝදනා පත්‍රයේ දැක්වුණේ.
ඒ අනුව මීගමුව මහාධිකරණය විනිසුරු කාවින්ද්‍රා නානායක්කාර විසින් විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළ අතර එම වැරදි තුනටම දඬුවම් එකවර ක්‍රියාත්මක වන ලෙස නියෝග කර තිබෙනවා.