මත්ද්‍රව්‍ය හා අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් 458ක් ඊයේ දින අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා පොලීසිය පවසනවා.
ඒ අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයින් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250 ක් සහ මිලිග්‍රෑම් 728 ටක් සිය භාරයට ගත් බව පොලිසිය සඳහන් කළේ.
එමෙන්ම හෙරොයින් ග්‍රෑම් 166 ක් සහ මිලිග්‍රෑම් 822 ක් සහ ගංජා ග්‍රෑම් 583 ක්ද සිය භාරයට ගත් බවයි පොලීසිය වැඩි දුරටත් සදහන් කළේ.