නීති විරෝධීව මෙරටට රැගෙන එන මත්ද්‍රව්‍ය වැටලීම සඳහා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසනවා.
වීරකැටිය ප්‍රදේශයේ නිවසකින් හෙරොයින් යැයි සැක කෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් සියයකට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කියා සිටියා.
වීරකැටිය ප්‍රදේශයේ ඊයේ උදෑසන 5.45 ට පමණ සිදු කළ වැටලීමකදී හෙරොයින් යැයි සැක කෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 101කට වැඩි ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
හම්බන්තොට වීරකැටිය අතුබොදේ ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදීයි මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත්තේ.
කුඩා ලොරි රථයක බදෙහි ඇතුලත මත්ද්‍රව්‍ය පැකට් තොග සූක්ෂමව සඟවා ගෙනයි රැගෙනවිත් ඇති බවටයි සිදු කළ මූලික විමර්ශන වලදී අණාවරනය වී ඇත්තේ.