බ්‍රසීලයේ මත්ද්‍රව්‍ය කල්ලිවලට එරෙහිව එරට බලධාරින් සිදුකළ මෙහෙයුම්වලින් මියගිය පුද්ගලයින්ගේ සිරුරු මේ වනවිට රියෝ ද ජැනයිරෝ නගරයේ වීදිවල තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
පසුගිය දින දෙක තුල සිදුකළ අදාළ පොලිස් වැටලීම්වලදී මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 132 දක්වායි ඉහළ ගොස් තිබුණේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම වැටලීම හමුවේ දශක ගණනාවක් එරට ප්‍රදේශ ගණනාවක් පාලනය කරන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීමට හැකිවී ඇති බවයි .
මෙය නගරයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව දියත් කළ විශාලතම මෙහෙයුමයි.
එහිදී දක්නට ලැබුනේ යුද ගැටුම් වැනි දර්ශන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
මෙම මෙහෙයුම සඳහා සන්නද්ධ නිලධාරීන් 2,500 ක් පමණ, සන්නද්ධ වාහන 32ක්, හෙලිකොප්ටර් 02ක්, ජාවාරම්කරුවන් විසින් මාර්ග අවහිර කිරීමට යොදාගත් බාධක කඩාදමන වාහන 12ක් සහ ඩ්‍රෝන යානා යොදා ගෙන තිබෙනවා.
මීට පෙර 2021 වසරේදී සිදුවූ වැටලීමකින් 28 දෙනෙකු මිය ගියා.
එමෙන්ම ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය මෙම ප්‍රචණ්ඩත්වය පිලිබදව ‘කම්පනයට’ පත් වූ බව පැවසුවා.













