
මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීමට නම් සමාජයේ සිටින සියලු පුරවැසියන් එක්ව කටයුතු කළ යුතු බව අන්තරායකර ඹෟෂධපාලක ජාතික මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික කමාන්ඩර් සුජිත් කොතලාවල මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.
මෙහිදී අදහස් දැක්වූ වෛද්‍ය එරංගා රාජපක්ෂ මහත්මිය පවසා සිටියේ, මත්ද්‍රව්‍ය වලින් තරුණ ජිවිත බේරා ගැනීමේ වැඩි වගකීමක් දෙමව්පියන්ට ද පැවරී ඇති බවයි.












