මත්ද්‍රව්‍ය භාවිතා කිරීම පිළිබඳව සොයා බැලීම සම්බන්ධයෙන් බස් රථ රියදුරන්ට සිදුකරන පරීක්ෂණ බස් රථ කොන්දොස්තරවරුන්ටත් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලබන සතියේ දී බස්නාහිර පළාත තුළ අහඹු ලෙස මෙම පරීක්ෂණ කටයුතු ආරම්භ කරන බවයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජාසිංහ මහතා සදහන් කළේ.
බස් රථ රියදුරන් මෙන්ම කොන්දොස්තවරුන්ද රාජකාරී කටයුතු සිදුකරන විට සම්පූර්ණයෙන්ම මත්පැන් භාවිතයෙන් වැළකී සිටිය යුතු බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
මෝටර් රථ පනතට අමතරව අධිකාරිය මගීන් ද මේ සඳහා දඬුවම් ලබාදීම සඳහා නීතිමය ප්‍රතිපාදන පවතින බවද සභාපතිවරයා වැඩි දුරටත් සදහන් කරනවා.
බස් රථ බලපත්‍රයක් ලබා දීමේදී කොන්දේසි 38ක් යටතේ එය ලබාදෙනු ලබනවා.
බස් රථ රියදුරු මහතාගේ සහ කොන්දොස්තර මහතාගේ ක්‍රියා පටිපාටිය ද එම කොන්දේසිවලට අනිවාර්යෙන්ම ඇතුළත් වන බව බස්නාහිර පළාත් මගී ප්‍රවාහන අධිකාරිය පෙන්වා දෙනවා.
බස්නාහිර පළාත තුළ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට අයත් බස් රථ නැවතුම්පොළ 65ක් තිබෙන පැවසු සභාපතිවරයා සදහන් කලේ එම ස්ථානවලදී අහඹු ලෙස ජංගම රසායනාගාර පරීක්ෂණ සිදුකිරීමට සැලසුම් කර තිබෙන බවයි.
කොළඹ , ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි බස්නාහිර පළාත තුළ පෞද්ගලික බස් රථ 5000කට ආසන්න ප්‍රමාණයක් දෛනිකව ධාවනය කරනු ලබනවා.
මේ අනුව බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් 10000කට ආසන්න ප්‍රමාණයක් එම බස් රථවල සේවය කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය , ප්‍රවාහන අමාත්‍යාංශය හා පොලිසිය එක්ව මෙම පරීක්ෂණ කටයුතු සිදු කරන බවද ගාමිණී ජාසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළා.
උණුසුම් පුවත්
- දකුණු මුහුදේදී ඇල්ලු බහුදින ධිවර යාත්‍රා 2ක දික්ඕවිට ධිවර වරායට
- මත්ද්‍රව්‍ය භාවිතය පිළිබද සෙවීමට බස් රථවල විශේෂ පරීක්ෂණයක්
- මානව හිමිකම් කොමිසමෙන් අනාවරණයක්
- නිදහස් සැමරුමේ නිල ලාංඡනය හා තේමාව එලි දක්වයි
- පළාත් හතරකට සහ දිස්ත්‍රික්ක දෙකකට අදත් වැසි
- කාදිනල් හිමි සහ පාප්වහන්සේ අතර හමුවක්
- පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම්
- අනතුරක් කර පළා යමින් සිටි මැදිරිගිරිය ප්‍රා.ස. සභාපතිගේ කැබ්රිය සහ රියදුරු අත්අඩංගුවට











