හෙරොයින් මත්කුඩු සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ගාල්ල හීනටිගල ප්‍රදේශයේ දී පොලිසිය අත්අඩංගුවට ගත්තා.
ගාල්ල වරාය පොලිසියේ නිලධාරීන් පිරිසකට ලැබුණු තොරතුරකට අනුව හීනටිගල ප්‍රදේශයේ දී මෙහෙයුමක් ක්‍රියාත්මක කළා.
එහිදී හෙරොයින් ග්‍රෑම් 152 යි මිලි ග්‍රෑම් 320 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවුණා.
එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් රුපියල් තිස්ලක්ෂ අසූදහසක් ද සැකකරු ළග තිබී සොයා ගත්තා.
සැකකරු ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ධීවර යාත්‍රාවක් මගින් නීති විරෝධිව මත්කුඩු මෙරටට රැගෙනවිත් ඇති බව පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වල දී හෙළිවුණා.













