මෙක්සිකෝව තුල නොසන්සුන්කාරී ප්‍රචන්ඩ තත්ත්වයක් නිරාමාණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ලෙස සැලකෙන ‘එල් මෙන්චෝ‘ ගේ මරණයත් සමගයි.
මෙක්සිකෝවට මෙන්ම අමෙරිකාවට ද තර්ජනයක් වූ ජාලිස්කෝ නම් මත්ද්‍රව්‍ය හා අපරාධ සංවිධානයේ ප්‍රධානියා ලෙස ‘එල් මෙන්චෝ‘ හදුන්වනු ලබනවා.
ඔහුගේ මරණයෙන් පසු කලහකාරී ලෙස හැසිරෙන ඔහුගේ ආධාරකරුවන් එරට නගර රැසක මාර්ග අවහිර කර රථවාහන ගිනි තබමින් දේපළ හානි සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම තත්ත්වය තුළ ඇතැම් ප්‍රදේශ යුද කලාප බවට පත්ව ඇති බව එරට රැදී සිටින විදේශිකයින් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.
ඇතිවූ තත්ත්වය හමුවේ වෙළෙඳසැල් රැසකට ගිනි තබා ඇති අතර බැංකු ශාඛා 20කට පමණ හානි සිදුකර ඇති බව සඳහන් .
කෙසේවෙතත් කඩාකප්පල්කාරී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් 25 දෙනෙකු ආරක්ෂක අංශ විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවට මෙක්සිකානු රජය නිවේදනය කර තිබෙනවා.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














