මත්ද්‍රව්‍ය කිලෝ 250කට අධික ප්‍රමාණයක් සමග බහුදින යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ නාවික හමුදාව එක්ව මෙම වැටලීම සිදුකර ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද තොරතුරක් මතයි.
දකුණු වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදු කලාපයේදී මෙම බහුදින යාත්‍රා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ යාත්‍රා මේ වන විට ගොඩබිම වෙත ගෙන එමින් තිබෙන බවටද වාර්තා වනවා.













