2018 වසරේ සිට 2024 වසර දක්වා හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ රුපියල් කෝටි 3936ක පමණ පාඩුවක් ලබා ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වෙනවා.
එම ගුවන්තොටුපොළේ පසුගිය වසරේ වියදම රුපියල් කෝටි 360 ක් ලෙසයි සදහන් වන්නේ.
එමෙන්ම ආදායම කෝටි 24 ක් බවද සදහන් වනවා.
ඒ අනුව ගුවන්තොටුපළේ ආදායමට සාපේක්ෂව වියදම දාහතර ගුණයකින් ඉහල ගොස් ඇති බවට එම වාර්තා වල වැඩිදුරටත් සදහන් වනවා.













