මගී ප්‍රවාහන බස් රථ දෛනිකව පරික්ෂා කිරීමට තීරණය කළ බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා.
කිලෝමීටර් 100කට අධික දුරක් ධාවනය වන බස්රථ විශේෂ පරික්ෂාවකට ලක්වන බවයි එහි සභාපති ඉංජිනේරු පි.ඒ චන්ද්‍රපාල මහතා සඳහන් කළේ.
ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති සාකච්ඡාවේදී මේ වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා වූ බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.